අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.
රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු සහ හාල්මැස්සන් මිල පහළ දමා ඇති බවයි ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව රතු කැකුළු කිලෝවක නව මිල රුපියල් 199ක්.
කීරි සම්බා කිලෝවක මිල රුපියල් 225 දක්වා පහත දමා තිබෙනවා.
බී ළූණු කිලෝවක මිල පහත දමා ඇත්තේ රුපියල් 225 දක්වායි.
හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 150කින් පහත දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1150ක් ලෙසින්.
ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වීම සඳහා පහල දැමු මෙම මිල ගණන් අද සිට ක්‍රියාත්මක බව ලංකා සතොස සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311