නාරම්මල – බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී අසල තිබූ බෝක්කුවක ගැටී පසු ව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තිදෙනෙකු යටකරගෙන ගොස් ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනෙක් කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වුණේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 56, 59 සහ 61 යන වයස්වල පසු වන නාරම්මල – බැඳිගමුව ප්‍රදේශයේම පදිංචිකාරිනියන් පිරිසක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311