ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සදහා සිය මුල්‍ය ආයතන වෙත සහාය වන බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.
ඒ සදහා චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කරන බවයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන් බින් මහතා ප්‍රකාශ කළේ.
ඔහු සදහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාශවික ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවයි.
චීනය ඇතුළු ණය හිමියන් සමග මේ සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා අඛණ්ඩව සිදුකරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311