දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේනවා.
පසුගිය මැයි මස 09 වනදා දේශපාලනඥයින්ගේ නිවාසවලට පහර දී ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුනා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළා.
පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු 18 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
මැයි 9 වනදා නොසන්සුන්තාවයේ දී නිවාස හානි වූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311