එළඹෙන උත්සව සමය වෙනුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්යංශය පවසනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යාමට සියලු ප්‍රවාහන කටයුතු සූදානම් කර ඇති බවයි.
අලුත් අවුරුද්දට පෙර සහ පසු ගමනාන්ත වෙත යාමට සහ ඒමට මගීන්ට ප්‍රධාන නගර ආවරණය වන පරිදි බස් රථ ලබා දෙන ලෙස සියලුම මාර්ග ප්‍රවාහන සේවා ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සහ අධිවේගී මාර්ග පර්යන්තවල අලුත් අවුරුදු විශේෂ බස් රථ විධිවිධාන සලසා තිබෙන බව සදහන්.
ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අප්‍රේල් 07 වැනිදා ආරම්භ වී අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.-
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311