ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීම සදහා මෙම ණය මුදල අනුමත කර ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සදහා ලබා දී තිබෙනවා.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීරණ ණය පහසුකම හා සම්බන්ධ වනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති තත්වය ගැන සැලකිලිමත් වන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311