පළාත් පාලන ආයතන කිහිපයක් සදහා දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අද දිනයේද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
බදුල්ල හා බණ්ඩාරවෙල මහ නගර සභා මෙන්ම හපුතලේ නගර සභාව ද ඊට අයත්.
එමෙන්ම මහියංගනය, රිදීමාලියද්ද, සොරනාතොට, මීගහකිවුල, කන්දකැටිය, පස්සර, ලුනුගල, බදුල්ල, හාලිඇල, ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ හා හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය සභා සඳහාද ඇප තැන්පත් කර තිබෙනවා.
ජාතික ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රිකුකයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කළා.
ඒ කුරුණෑගල මැතිවරණ කාර්යාලයේදී.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311