සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 228 ක් රැස් කර ගැනීමට සමත් වුණා.
එම ඉනිම වෙනුවෙන් රහ්මත් ෂා ලකුණු 58 ක් සහ රහ්මනුල්ලා ගුරුබාස් ලකුණු 68 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3 ක් දවාගත් අතර මහිෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
මේ අනුව තරගය ජය ගැනීම සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 2 යි පන්දු 4 ක් තුළ ලකුණු 10 ක් රැස් කරගෙන සිටියදී තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311