ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක්ට වේ.
ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද වාර්තා වේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311