මෙම වසරේදී ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තා ගත අස්වැන්නක් අපේක්ෂා කරන බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ජූනි මාසයෙන් අවසන් වන වසරක කාලයේදී ඉන්දියාවේ අපේක්ෂිත තිරිගු අස්වැන්න ටොන් මිලියන 112 ක්.
අප්‍රේල් මාසයේදී තිරිගු අස්වැන්න නෙළීම ආරම්භ කරන අතර පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එවැනි වාර්තාගත අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවයි ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
වියළි කාලගුණය මධ්‍යයේ වුව ද 2021 – 2022 වසරේදී ඉන්දියාව ටොන් මිලියන 106ක තිරිගු අස්වැන්නක් ලබා තිබුනා. 2020 – 21 වසරේදී ද ඉන්දියාව වාර්තා ගත තිරිගු අස්වැන්නක් නෙළා තිබූ අතර එම ප්‍රමාණය ටොන් මිලියන 109ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311