ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට දිවයිනට ලඟා වීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි එම සංස්ථාව පැවසුවේ.
පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පසුගිය දා තීරණය කරනු ලැබුවා.
රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවයි.
රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට ආනයනික බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311