නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා.
මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ.
75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා.
ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.
වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි මස 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පාසල් නිවාඩු හෙටින් ඇරඹේ
- මැතිවරණ සූදානම ගැන ඉඟියක් (වීඩියෝ)
- පරාටේ නීතිය ගැන අලුත් කතාවක්
- “මැයි රැළියෙ වැඩිම සෙනග මාලිමාවට.”-පාඨලි මාධ්‍ය හමුවේ මාලිමාව උඩින්ම තියයි (වීඩියෝ)
- හොර පාරෙන් අස්වැසුම ගත්තොත් වෙන දේ මෙන්න
- “එක් අයෙකුට 5000 ගානෙ දීලා බත් එකකුත් දීලා.” පක්ෂවල මැයි රැළි දයාසිරි පතුරු ගහයි (වීඩියෝ)
- මීගොඩ මහ විද්‍යාලයේ නම වෙනස් වේ
- රොෂාන් ඝාතන සැලසුමක් හෙළි කරයි-ආහාර විස කරලා මරන්න හැදුවා (වීඩියෝ)