ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා.
දෙදෙන නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය වීදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද එක්ව ඇති බව සඳහන්.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් ඉවත්ව යාමට ප්‍රථම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311