ඉන්දු පැසිපික් කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ කැනේඩියානු විදේශ අමාත්‍යාංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව සදහන්.
එහිදී සාමකාමී සහ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන දෙරටේ දැක්ම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට අමතරව ඉන්දු-කැනඩා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුව ඇතැයි වාර්තා වනවා.
ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු අනෙකුත් කලාපීය ගැටළු සහ බහුපාර්ශ්වික සංවිධානවල සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉන්දු – කැනේඩියානු නියෝජිතයන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර වශයෙන් වර්තමානයේදී එල්ල වන අභියෝග සහ ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311