ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ ඊයේ සිදු වූ භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව සි.එන්.එන් ලෝක පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නාය යාම් පවා සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඒ හේතුවෙන් මේ වන විට තුවාලකරුවන් 13,000 ක් පමණ වාර්තා වී තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කරගෙන සිදුව තිබුණා.
එහි බලපෑම ඊට කිලෝමීටර් 75 ක් පමණ දුරකින් පිහිටි ජකර්තා අගනුවරට දැනී ඇති බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311