ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ දිවයිනේ කිසිදු ඉන්ධන පිරවුම්හලක මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බවයි.
ඇතැම් ප්‍රදේශවල පැවති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් හිගයද අද දිනය තුළ මගහැරී යනු ඇති බවයි කපිල නාඔටුන්න මහතා සදහන් කළේ.
ඛණිජ තෙල් සේවකයින් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්ධන ප්‍රවාහනයට බාධා මතුව තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311