ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දමා ඇති අතර භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කෙරුණා.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355 ක්.
එමෙන්ම ලංකා අයි.ඕ.සී සමාගමද ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311