දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබුවා .
මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තවදුරටත් සේවය අවශ්‍ය නම් වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසයි.
කෙසේ වෙතත් ඒ සදහා අනුමැතිය ලැබෙන තුරු ඔවුන් සේවයට වාර්තා නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා .
ඔවුන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඍජුවම ධාවන කටයුතුවලට සම්බන්ධ පිරිස් විශ්‍රාම යෑමෙන් ඇතිවන ගැටළු සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි .
මේ අතර,රාජ්‍ය සේවකයන් 30,000කට ආසන්න පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවීම හේතුවෙන් ඊයේ දින සිට විශ්‍රාම ගිය අතර විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ද ඊට ඇතුළත් .
ඒ අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පත් කර තිබෙනවා .
ඔහු හෙට දිනයේදී වැඩ භාර ගැනීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෙසු විශ්‍රාම යාම් වලින් ඇතිවන පුරප්පාඩු සඳහා නව පත්කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව වාර්තා වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311