උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එක් පුද්ගලයෙකු ඊයේ සවස උඩුදුම්බර මීමුරේ ප්‍රදේශයේ දී සූරියඅරණ ගගේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එලෙස අතුරුදන් වූ පුද්ගලයා 37 හැවිරිදි මහියංගණය දිවුලගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ද පොලිසිය සදහන් කළා.
මේ අතර අනෙක් පුද්ගලයා මාවරල, ආදලුව පාලම අසලදී ගං වතුරේ ගමන් කරමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
2 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා කිවුල්හේන ආදොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිසිය සදහන් කළේ.
අතුරුදන් වූ මෙම පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311