උතුරු කොරියාව, සබ්මැරිනයක සිට කෲස් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
මෙම දිය යට ප්‍රහාරක න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි උතුරු කොරියානු මාධ්‍ය පවසන්නේ.
මීට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ තම අසල්වැසියාගේ යුද අත්හදාබැලීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ, ඇමරිකාව සමඟ එක්ව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි.
එමෙන්ම තම හමුදා සීරුවෙන් තබා ඇති බවත් ඔවුන් පවසනවා.
ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව ප්‍රීඩම් ෂීල්ඩ් 23 ලෙස නම් කර ඇති දින 11 ක ඒකාබද්ධ යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට නියමිතව තිබියදී, මෙම අත්හදාබැලීම් සිදුකිරීම විශේෂත්වයක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311