උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන්.
කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311