විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කර තිබෙනවා.
ඊට අදාළ පෙත්සම් සලකා බලන තුරු එය දීර්ඝ කරන ලෙසයි අභියාචනාධිකරණය නියම කර ඇත්තේ.
සිය වැටුප්වලින් අදාළ බද්ද අඩු කිරීම නීතිවිරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙලෙස පෙත්සම් 2ක් ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311