එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් විසින් ගෙවිය යුතු ගාස්තුවයි.
ඒ අනුව කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන මගීන් නැව්ගත කිරීමේ ගාස්තුව ලෙස ඇමෙරිකානු ඩොලර් 30ක් ගෙවිය යුතු අතර මෙම ගාස්තු 2022 මාර්තු 27 සිට 2023 මාර්තු 26 දක්වා අය කෙරෙන බව සඳහන්.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන සෑම පුද්ගලයෙකුගෙන් ම ඇමෙරිකානු ඩොලර් 30ක බද්දක් අය කෙරෙන අතර, 2023 ජනවාරි 12 සිට 2023 ජූලි 11 දක්වා කාලය තුළ එම ගාස්තු අදාළ වනවා.
මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැර වෙනත් ගුවන් තොටුපළකින් ශ්‍රී ලංකාවෙන් පිට වන ඕනෑ ම අයෙකු ඇමෙරිකානු ඩොලර් 60ක නැව්ගත කිරීමේ බද්දක් ගෙවිය යුතු අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වන අයට ද මෙම නියමය අදාළ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ව මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311