අමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ ඔරියන් නැමති කැප්සුලය වාර්තාගත දුරක් ගමන් කර තිබෙනවා.
එහි පළමු අත්හදා බැලීමේ දී මෙවැනි වාර්තාවක් පිහිටුවීම විශේෂ කරුණක් ලෙසයි විදෙස් වාර්තා පවසන්නේ.
එය පෘථිවියෙන් ඔබ්බට කිලෝමීටර 43,000 ක් ගමන් කර තිබෙනවා.
මිනිසුන් ප්‍රවාහනය සඳහා නිපද වූ අභ්‍යවකාශ යානයක් මෙතරම් දුරක් ගමන් කළ පළමු අවස්ථාව මෙය වනවා.
කෙසේ වෙතත් මෙම ගමනේදී කැප්සුලයේ කිසිවෙකු ගමන් කළේ නැහැ.
මෙය කිසිඳු අනතුරකින් තොරව ගමන අවසන් කළහොත් ඉදිරි වසර දෙක තුළ ගඟන ගාමීන් ද රැගෙන අභ්‍යවකාශ ගත කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
වසර 50 කට පමණ පසු මිනිසුන් යළි සඳ වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙසයි මෙම ඔරියන් කැප්සුල මෙහෙයුම සිදු කෙරෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311