ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා මෙම ජාවාරම සම්බන්ධයෙන් 45 හැවිරිදි උප ඒජන්තවරයෙකු ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගනු ලැබුවා.
ඕමානයේ සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසමින් මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමටයි බලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311