අලුත්ගම කළුවාමෝදර පාලම මතදී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථ දෙකකින් – බස් රථයක් අපරික්ෂාකාරී ලෙස පාලම මතදී ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන්.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කෙරුනා.
අනතුරෙන් පසු එක් බස් රථයක රියදුරු සහ කොන්දොස්තර බස් රථය මහ මඟ දමා පළා ගොස් ඇති බවයි අලුත්ගම පොලීසිය පවසන්නේ.
අනතුර හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311