ක්‍රීඩා පනතට නව සංශෝධන කිහිපයක් එක් කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
අති විශේෂ ගැසට් නිවේදන හතරක් මගින් මෙම සංශෝධන සිදුකළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.
ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් ආරක්ෂා වන පරිදියි මෙම සංශෝධන එක්කර ඇත්තේ.
නව රෙගුලාසිවලට පිරිසක් විරුද්ධ වුවද නව සංශෝධන කිසිවිටක වෙනස් නොකරන බව ද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා.
මධ්‍යම පළාත් ක්‍රීඩා සහ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ක්‍රීඩා පනතේ නව සංශෝධන අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධුරය අවුරුදු දෙකකට සීමා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311