ක්වේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක, ක්වේට් ජාතික කාන්තාවක, ක්වේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවයි.
2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව මරණ දඩුවම නියම වී තිබූ අතර ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින්ද අභියාචනා ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311