නත්තල් උත්සවය නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන සහ නත්තල් කලාප නතර කරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙසයි උන්වහන්සේ මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එසේ වැය කරන මුදල් පාසල් දරු දැරියන්ගේ පොත්පත්, පාසල් උපකරණ, සපත්තු සහ බෑග් වෙනුවෙන් ලබාදී සැබෑ නත්තල සැමරීම සඳහා කටයුතු කරන්නැයි කාදිනල් හිමියන් ඉල්ලා සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311