ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75ක් බව සඳහන්.
පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණා.
එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබූ අතර එම පරීක්ෂා කිරීම්වලදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311