වී වගා කරන ගොවීන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම ඉදිරි දෙසතිය තුළ මුඵමනින්ම නිම කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා .
පසුගියදා රුපියල් කෝටි 600 ක් ගොවීන්ගේ ගිණුම්වලට බැර කර තිබෙනවා .
ඉතිරි මුදල් ලබන සතියේ එම ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව ආසියානු සංවර්ධන බැංකුව මෙරට ගොවිජනතාව සදහා රුපියල් කෝටි 800 ක් සපයා තිබේනවා.
ඔවුන්ගේ ගිණුම්වලට බැර කෙරෙන්නේ එම මුදලයි.
මෙම මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08 ක වී වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඉන් හෙක්ටයාර් 50 ලක්ෂ 60 දහසක් දැනටමත් වගාකර අවසන් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311