බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමක් සහිත මුදල් සහ දේපල සොරාගත් බව කියන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී සැකකරුවන් සතුව තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380 ක් බර රන් ආභරණ, ඇමරිකන් ඩොලර් 10.000 ක්, ජපන් යෙන් එක්ලක්ෂ 950, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල්, රුපියල් ලක්ෂ 174 ක මුදල්, සහ පිස්තෝල ගිනි අවියක් හා හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී අල්මාරි වල තිබූ මෙම දේපළ සොරා ගෙන පලා ගොස් තිබිණා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311