වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ.
ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20 කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පියවර ගනු ලැබුවා.
ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාද කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311