අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී ගුවන් මගීන්ට යම් සහනයක් හිමිවී ඇති බව ගුවන් සමාගම් පවසනවා.
මේ වන විට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේදී ඒ සඳහා අමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකරන අතර එහිදී රුපියල ශක්තිමත් වීම නිසා එම වාසිය ගුවන් මගීන්ට හිමිවන බවයි ගුවන් සමාගම් පවසන්නේ.
පසුගිය සතියේ දී රුපියල් 371ක් ලෙස පැවති අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල අද දිනය වන විට රුපියල් 325ක් ලෙස පහත බැස ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට සීයයට 13 කින් අධි ප්‍රමාණයට ලක්වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311