ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ බලපෑ චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 6 දෙනෙකුට වැඩිපිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විවිධාකාරයේ චන්ඩමාරුත 35ක් පමණ පසුගිය දින කිහිපය තුළ ඇතිවූ බවයි ඇමෙරිකා කාලගුණ අංශ සදහන් කළේ. මිලියන 30ක ජනතාවකගේ ජන ජීවිතයට ඉන් බලපෑම් ඇතිවුණා.
දරුණුතම චණ්ඩ මාරුතයෙන් ඇලබාමා හි සෙල්මා නමැති ප්‍රදේශයට බොහෝ හානි සිදුව තිබෙනවා. ඇලබාමා හි බොහෝ ස්ථානවල විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311