කම්කරුවන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් චීනය තුළ මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා.
ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සන්නිවේදන මධ්‍යස්ථානයට වාර්තාවක් අනාවරණ කරන්නේ බලහත්කාරයෙන් අතිකාල සේවා මුර ක්‍රියාත්මක කර කම්කරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වන බවයි.
ඒ සම්බන්ධයෙන් කෝපයට පත් චීන වැඩකරන ජනතාව සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ විරෝධය හා නොසතුට ප්‍රකාශ කරමින් සිටින බවට ද අදාල වාර්තාවේ සඳහන් වනවා.
බොහෝ චීන සමාගම් වලට එරෙහිව කම්කරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
1995 වසරේදී චීනයට හඳුන්වා දුන් වැඩ සතිය දින පහකට සීමා කිරීමේ නීතිය බොහෝ චීන සමාගම් උල්ලංඝනය කරමින් සිටින බව ද අදාල වාර්තාවේ සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311