ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ උද්දමනය පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය ඔක්තෝබ ර් මාසයේ මතුපිට උද්ධමනය සියයට 70.6ක්.
එහෙත් එය නොවැම්බර් මාසයේදී සියයට 65 දක්වා අඩු වී ඇති බවයි එහි දැක්වෙන්නේ.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්දමනය ඔක්තෝබර් මාසයේදී සියයට 80.9 සිට නොවැම්බර් මාසයේදී සියයට 69.8 ක් දක්වා අඩු වී තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්දමනය පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 61.3 ක්.
එහෙත් නොවැම්බර් මාසයේදී එය සියයට 60.4 දක්වා අඩු වී තිබෙන බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311