පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පසුගියදා කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමි වූ බවයි.
මේ අතර අද පෙරවරු 11ට මුදල් කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබු බවට එහි සාමාජිකයන් වෙත පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව සදහන් .
ඊට ජනාධිපතිවරයා සහභාගී වන බවද වාර්තා වනවා.
කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරිය විසින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.
මේ අතර අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවත්, මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට නියමිතව ඇති බවත් පුවත් පත් වාර්තා කර තිබුනා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311