සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැද ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර තිබෙනවා.
ඒ ජමෙයිතුල් උලමා සංවිධානයේ සංවත්සර උත්සවයට එක්වෙමින්.
සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයට වසර 100 ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් වූ සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311