ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍ර වලට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සිය විරෝධය පල කර තිබෙනවා .
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ෆිෆා සම්මේලනයේ බලවත් කනස්සල්ල පළකරන බවයි .
මේ පිලිබදව පසුගියදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනී ජීන් මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311