ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ සිට දින නියමයක් නොමැතිව නවතා දමා තිබෙනවා.
රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් මහතා සඳහන් කලේ ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් එහි සිදු කෙරෙන ශල්‍යකර්ම මෙලෙස නතර කිරීමට පියවර ගත් බවයි.
ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කලා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ ශල්‍යාගාරය තුළට විෂබීජයක් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311