ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 24 කට වැඩි ආධාර ප්‍රමාණයක් ඇමරිකාව පසුගිය වසරේ වෙන් කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් පවසනවා.
ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව, පාසල් දිවා ආහාර අරමුදල්, කුඩා වතු හිමියන් සඳහා පොහොර සහ ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ආධාර වෙන් කර තිබූ බවයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ.
එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ණය, පුහුණුව සහ ආධාර ඉදිරියටත් ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311