ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ හා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දූෂණ මර්දන සංග්‍රහයන්හි වගන්ති 7 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්
ඒ අනුව ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.
එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා එම ක්‍රීඩකයාට මැයි මස 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
මෙම ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ කළ බවට වන චෝදනාවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311