රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාර වලින් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාව සහ ජර්මනිය, යුක්‍රේනය වෙත යුද ටැංකි ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් රුසියාව විසින් දියත් කරන ලද මිසයිල ප්‍රහාර 55 න් 47 ක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311