ත්‍රිරෝද රථ සදහා ඉහළ දැමු ඉන්ධන කෝටාව අද සිට හිමිවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉහළ දැමු ඉන්ධන කෝටාව හිමිවන බව යි අමාත්‍යවරයා සඳහන් කළේ .
මේ අතර වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ඔහු සදහන් කළා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, අදාල ලියකියවිලි සඳහා එම මුදල අයකරන බවය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311