අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අලුයම 01.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් තිබුණා.
අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 11 දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311