පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ, ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බවයි.
පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙසයි.
මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබෙනවා.
පසුගිය සතිය තුළ රුපියල් 150කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ.
එසේම, සුදු සීනි කිලෝවක තොග මිල තවදුරටත් රුපියල් 220ක මට්ටමේ පවතිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311