දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල 60%කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.
තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 100ත්, 110ත් අතර මිලකටත්, ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක වැනි මිලකටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සිල්ලර මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311