ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යළි රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.
පක්ෂ මුලස්ථානයේදී සිය කටයුතු ආරම්භ කරමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන බවයි.
දයාසිරි ජයසේකර මහතා පෞද්ගලික හේතුවෙක් මත විදෙස් ගතවී තිබු අතර ඒ වෙනුවෙන් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබුණා.
මෙම පත් කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311