නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද දිනයේ දී උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.
මීට පෙර ඊට ඇතුළත් වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම බලපෑම තරමක් අඩු වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් එළිමහනට නිරාවරණය වීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත්, දරුවන්ට හැකිතාක් දියර වර්ග පානයට ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිහිටියන්ට දැනුම් දුන්නා.
කෙසේවෙතත් දිවා කාලයේ හැකිතාක් ජලය පානය කරන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද ප්‍රදේශ කිහිපයක ජනතාව වී නිව්ස් වෙත මෙලෙස අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311